
මැදියම් රැයෙහි අවදිව
ඈතින් මුහුද වැළපෙයි
ගාලු පාරෙහි එළි බමණ විදුලි තාරුකා
ඉසිඹු නැතිවම නිවෙයි දැල්වෙයි
ළය පතුලෙන් පැමිණි සුසුමක් වෙරළට පාත්වෙයි
ලබ් ඩබ් හඬින් තිගැස්සෙන හදවත්ය තැන තැන
කවර හදවතද උගුලා ගත යුතු
සිප්පි කටුවක ගල් මලක වෙනසක් හරියටම මතකද
සුන්දරත්වය මිස පිළිකුළක් තිබේද ළවැල්ලක
එක් සිප්පි කටුවක් අහුලා ගනිමි
තමන් රිසි තැනට යන්නට හරිමි
සිප්පි කටුවකට වුව වෙරළත
රිසි නම් ශ්ලෝකයක් ගයන්නට හැක
කැමතිනම් යාඥාවක් කැමති නම් ගීතයක්
තහනම් කළ හැකිද කිසිවෙකුට කිසිවක්
පරම විනිශ්චයකාරයෙක් පැවතිය හැකිද කොතැනක
ලබ ඩබ් හඬෙහි මිස
සුන්දරත්වයක් තිබිය හැකිද අනෙකක
එහෙත් පුදුම!
මැදියම් රැයෙහි අවදිව
ඈතින් මුහුද වැළපෙයි
Picture - Billy Childish (British, b. 1959)
මුහුද වැලපෙයි නිති
ReplyDeleteනිදාගැන්මක් නැති
සමහර මුහුදු ඇති
Deleteමළා මෙන් නිදන නිති