Wednesday, June 11, 2014
නැටුමට නමක් තියන්නද දඬු ලේනකු අසන
මං කැමතියි කඳුකරයෙහි ඇවිදයන්න
මොන තරං සුන්දරද හඹා එන සුළං
සීතල නැවුම් හුස්ම
පාර දිග නම නොදන්නා කුඩා මල්
අම්මා කෙසෙල් කොළයක තවරන කිරිබතක සුවඳ
ආච්චිඅම්මාගේ ලුණුමිරිස් කඩිමුඩිය
රත්තාට සීයා අලුතින්ම අඹරන වැල් ලණුව
මා ගණන්කාරියකව ගණිමින් පුවක් මලු ඔක්කොම
ඉඳ හිට සුළඟට වැටෙන දිලිසෙන කහපාට කජු පුහුලන්
සුළඟ ජම්බු ගස් සොලවා ඉවත යන
එඬරු වැටට එහායින් වැස්සියක හඬන
ඇගේ හඬ අසා කුඩා පැටවකු දුවන
ඇඹිල්ල ගසට එහායින් ගඟුල ලැසි ලැසි ඇවිදින
තිඹිරි ගස තනි රකී නාන පිහිල්ලක් ළඟ
පොල් අතු ලතාවට හිස පාත් කර රඟන
නැටුමට නමක් තියන්නද දඬු ලේනකු අසන
Picture - Robert Duncan
Subscribe to:
Post Comments (Atom)
මනරම් අතීත ස්මරණයක් කඳු. කෙහෙල් කොළ තැවෙන සුවඳට මුහු වෙච්ච කිරිබත් ලුණුමිරිස් රහ දැනුණා
ReplyDelete