
වයසක බොහෝ අත්තම්මාවරුන්
මිය යන 'යුරු ගිලන් ඇඳ මත
මා බලා සිට ඇත
ළඟ නොහිටියද
රජයේ රෝහල් ඇඳක් මත සිට
මගේ අත්තම්මා ඈතට ඇවිද ගිය අයුර
සිතා ගත හැකිය මට
ඒත් ඈ කොහේ ගියාද?
අප යළිත් හමුවෙයිද?
ඇයට පිළිසරණක් වෙන්න හැකිද මට?
මා පිළිබඳ අසීමිත බන්ධනය
සිර කොට ඇතිද ඇය
අනේ ඈ වලාවක් මෙන් සැහැල්ලුව
සන්තෝෂයෙන් ඈතට ඇදී ගියා නම්..
වේදනාවකි හිත ළඟ
හත් අවුරුද්දකට සැරයක් පන්සල් නොයන
පින් කියා දැනෙන කිසිවක් නොකරන
මටවත් පිළිසරණක් විය නොහී මට
පිළිසරණක් විය හැකිද ඇයට
Picture - Oksana Kravchenko
මෙවැනිම වේදනාවත්මක අත්දැකීමකට මුහුණ දීලා මාස තුනයි.... ඒ මගේ තාත්තගෙ අම්මා... ලියන්න හිතුවට ඈ ගැන ලියන්න බැරි වුණා...
ReplyDeleteළගින් ඉඳන් ජීවිතේ නොතිර බව ගැන බොහෝ දේ කීවා උණත්, හිතේ ශාන්තිය හැමදේටම වඩා වඩිටන බව, ජීවිතය පුරා කළ හොඳ ගැන හිතල සතුටු විය යුතු බව, තවත් දන්නා තරම් දේවල් කීවත් ඈ අපිව අත්හැරල ගියේ කැමැත්තෙන් නම් නෙවෙයි...
මිණිපිරිය ළඟ සුරැකි
ReplyDeleteකවි කතන්දර සුවඳ
අත්තම්මා නිසැකවම
නිවන් ගිය බව කියන
වලාකුළු අතර හිඳ
ඇය කියන හඬ ඇසේ
මට මොටද පුතේ පිං
පොඩි උන්ට බෙදල දීපන්
අත්තම්මා නිවන් ගියේ නෑ කියල මං දන්නවා. මටවත් තවම බෑ කියලත් මං දන්නවා. ඒකයි මේ තරං වේදනා! තිලක සිත (sigh) සංවේදීකමම කොච්චර බාධාවක්ද නිවන් යන්න.
Delete