Sunday, March 24, 2013
යාල්පානම
යාල්පානම තැනින් තැන
ඉතිරි වුණු කටු සටහන්
හද බිත්ති තැන තැන සිදුරු කළ
අකුණු ගිලිහිද කොයිබින්
හිස සලා නෙක මල් දම්
පැමිණි තිලකය කෝලම්
නල්ලූරයට යන්ට පෙර
මකා දැමු බැව් අහස
හඬ හඬා කියන්නේ කිම්
විකල් වූ හිස් ඇති ව
අහස පීරන සඳේ
මොට්ටුවෙන් ලේ පෙරේ නොදනිම්
සබය මැද සිනා මැව්
ගෙයි බිත්ති බිඳ වැටී
රිදවන්නෙ කිම්ද හද මෙතරම්
දමිල නැඟනියනි, නැන්දණිය, මයිලණුව,
මම සිංහල දුවක්
අකුරු නොදැන ම ඔබේ
ගෙයි බිත්ති කියවන්නි
පාළු බිම යළිත් මල්
පිපේදැයි විමසන්නි
හිස් සිඳුණු තල් අරණ
යළිත් පත් පුබුදන්න
අයදින්නි
Pic. - Ralph Albert Blakelock, American, 1847 - 1919
Subscribe to:
Post Comments (Atom)
වනේ වනසතුන් වැන්ව
ReplyDeleteමිනිසුන්ට වෛරකරගන්නා මේ
කූර ලොව හැරදා
නැගනියන්
කැනඩාවට පියඹා ගොසින්..