Saturday, March 2, 2013

ඖදාර්යය අතැර මඳක් අහකට


ශෘංගාර ප්‍රහීණිත භෘංගයෙකු අස
'ලංකාර ප්‍රේමය ම මිස කවර රස
ගන්ධාර දේශයෙන් ආ කොවුල් 'ලස
නින්නාද නොවෙද ස්වර නුහුරු දිව බස

පින්තාරු කළා මෙන් දිදුල සඳ වත
තබා මුද්‍රා නිවෙන විට අහස මත
ක්ෂිතිජයේ කොණක සිට රකින මුනිවත
නිද්‍රාව නිමා කොට සිඹිනු තෙත හිත

වෛවර්ණ මල් පිපෙන සාධු තුරු යට
වෛචිත්‍රයක් වගේ පෙති හැලෙන විට
සුවඳ 'කුරු අමුණන්ට හදේ කවියට
ඖදාර්යය අතැර මඳක් අහකට


pic. - onpoint.wbur.org

No comments:

Post a Comment