Thursday, March 21, 2013

කුමට ළත වෙනු??

Kyoto

අකල් සුළඟට ගිලිහි 'කුරු රැස
සතොස කොතැනක යළි උපන්නද
විකල් කවියකි විස ම ගැවසුණ
නුරා සැළමුතු ගිලිහි හද නද

කුමට ළත වෙනු එවන් මුඩු බිම
දුගඳ ගවසන හුදු හඬක බැඳ
වසත් ගීතය ගයන මියුරස
අසනු රිසියෙන් වෙණ වයනු මිස


pic. - Sophie Coors, American


1 comment:

  1. ඔබේ හිත සසල වන්නේ කවියට පමණයි නේද කඳු... මාත් කමෙන්ට් නොකලට ඔබේ හැම කන්දක්ම නැග බලනවා.
    පොඩි යෝජනාවක්.... මේ හැම කවියකම පසුබිම් අර්ථය ලිව්වොත් නරකද.. එය කවිය සමාජ ගත කරන්න හොඳම දෙයක් යැයි මට බොහෝ දෙනකුගේ අදහස් මත ඒත්තු වී ඇති විකාර රූපි සිතුවිල්ලක්.
    මං මේ කතාවම නන්දන විරසිංහ සොයුරාට කි විට ඔහු නම් එක හෙලා එය අනුමත කළා.

    ReplyDelete