
ඔව්, එතැන
සොල්දාදුවන් නිදන
පොපි මල් පිපෙන
පරණ කඳුළු මෝලක්
කැරකෙවන හඬ
හිත කීරි ගසමින්
ගෙනෙයි මඳ සුළඟ
පත් එකක් දෙකක්
මඳ දුර විසිර
නවතින
අළු පාට හැන්දෑවක
දිග ස්වර ඇති ව ඇදෙන
පරණ ගීතයක් එය
අලුත් විය හැකි
පරණ ගීතයක්
pic. - Emile A. Gruppé, American, 1896 - 1978
(Y)
ReplyDelete