Saturday, March 2, 2013

පෙමක මිහිර මේ වැන්නේ...

File:LOVE at TAJ MAHAL.jpg

පෙමක මිහිර නොදත් ලොවක විහඟ ගීත ගොළු වන්නේ
ආදරයට කඩු තුඩු වැද කඳුළු කඩිති මතුවන්නේ
එ වන් ලොවක වුව අඹරෙහි නිල් තරු කැට පායන්නේ
වන අරණට සුදු මුදු මල් පියලි ගෙනත් අතුරන්නේ

සරතැස ආ කල කතරට වහින සිරි සිරිය වැන්නේ
මිහි සළු පට ඉරා එවිට හරිත ළපලු මතු වන්නේ

ගල් අරඹෙන් ගල අරඹට දඟකම් කර පැන යන්නේ
මුදු ළයකට වට දිය බිඳ සැණින ඉවුරු සිප ගන්නේ
ඉරා මුහුදු සිඳ බිඳ දා මකා සියල් රේඛාවන්
වලා කැටිති මත සැඟ වී මායිම් පැන හිනැහෙන්නේ
පෙමක මිහිර මේ වැන්නේ...


pic. by Mukeshforest
commons.wikimedia.org

1 comment:

  1. //ගල් අරඹෙන් ගල අරඹට දඟකම් කර පැන යන්නේ//
    ඔන්න බබෝ ඇතින්නියා
    ගල් අරඹේ සිටින්නියා....

    ReplyDelete