Sunday, March 10, 2013

සෙලෙස්තිනා

Gustave Kaitz, Spiritus

සෙලෙස්තිනා නුඹ ඇවිදින් අරගෙන යන විට පාළුව
ගඟක් වුණත් මඟ නොනැවත ගලයි කියා සැක යි බෝ ම
දවස තිස්සෙ එක දිගට ම කෙඩෙත්තු වූ ඇඟිලි මැසිම
හාදුවකින් සනසන්නේ නැති ව ගඟක් ගලයි කෝම

පිලේ ඉඳන් මඟ බලනා අඟුල් මාල කෙනෙක් තියා
බුදු හිමියන් නැති වු පවෙන් හැඹිලිය අද ගඟේ ගියා
කඩ පිල පසු කරනා විට සඳක් වුවත් වලා තියා
අමාවකේ නොපෙනෙන්නට පතන හේතු නොදත් පියා

දරුවන්ගේ කඳුළු වතුර දියවුණු පත් ඉරු පේළී
කහට වතුර පොදකින් හෝ නිවන්න බැට කන දේවී
දර මඩුවේ, වෙල් බැද්දේ කෙසඟ දෙපා ඇවිදීවී
සඳට ගඟට අහසට ඇගෙ දහදිය බිඳු විසිරේවී  


pic. - Gustave Kaitz, American, 1913 - 1992

1 comment:

  1. මට ඔබේ පද වැල් කියවන විට මතක් වෙන්නේ සුනිල් එදිරිසිංහගේ සෙලෙස්තිනා ගීතය.
    “කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා “

    ReplyDelete