Friday, March 15, 2013

කඳුළක් ගිලිහුණා මඟ තොට සොයද්දී



කවි අහුරක හැඩය කියවා නිමෙද්දී
ළෙහි රැඳි බැඳුම් වුව අතගින් ලිහෙද්දී
සසරක ගතිය ඇස අස යළි මැවෙද්දී
කඳුළක් ගිලිහුණා මඟ තොට සොයද්දී

සැරෙන් යා නොහැකි මඟ අප පියෙන් පිය
සෙමින් හෝ ගමන නිම විය යුතු ව ඇත
සැණෙන් දිය ව යා නොහෙනා කපුරු කැට
දැවි දැවී නිවුණු හැටි දුටුවාද මිත


pic. - www.picturejockey.com
 

1 comment:

  1. ඔළුවට කියන්නදෙයක් එන්නෙම නෑ....

    ReplyDelete