Monday, March 25, 2013

කවුරුන්ද ඔවුන් ගෙන ගියේ

Pauvre Fauvette
මට එක හිනාවක් දෙන්න පුළුවන්ද
ආයෙමත් මා ගමේ වෙල් එළි මතට ගෙන යන්න පුළුවන්ද
ඒත් කෝ අත්තම්මා හැම විට මා පසු පස හඹා ආ
වෙලට වී මා තේ රැගෙන එන තුරු බලා උන් සීයා
මා සමඟ සෙල්ලම් කරන්නට ආ කොලු ගැටව්
කවුරුන්ද ඔවුන් ගෙන ගියේ මා මෙන් ම
නැවත කිසි දින නොපෙනෙන දුරට

[සිහිනෙන් ඔබ හැමදෙනා ම මට හමුවෙනවා... මටත් ඉක්මනට යන්ට ඕනෑ.. මට හිතෙනවා..]

pic. - Jules Bastien-Lepage, French, 1848 - 1916 [හරියට මේ චිත්‍ර ඉතුරු කර ඔවුන් ද ගොස් ඇතිවා සේ]

1 comment:

  1. නොපෙනෙන දුරක සිටියද
    බලා සිටිනු ඇත උන ඔබේ දෙස

    ReplyDelete