Tuesday, April 1, 2014

ඔබ කියයි!



මම අරමුණක් නැතිව ලියමින් සිටිමි
ලිවීම මගේ අරමුණදැයි නොදනිමි
වැඩ අධික හෝරාවන් ගෙවී යන අතරේ
පෙම්වතුන් හා වදනක් මුමුණනු නොහැකි අතරේ
එහෙත් මම තවමත් ලියමින් සිටිමි

ලෝකය වේගයෙන් කැරකෙන බව දැනේ
මා රිසි දේවල් අත පත් නොවේ
දැඩි කෝපයක් පැමිණ මා දවයි
සානු මත මිහිදුම් අඳින පින්සලද
වලාකුළු මත කවි ලියන පන්හිඳද
කුරුලු තුඩ සර මවන ගිතාරයද
අහිමි ව මගේ සිත වැළපෙයි
ඒ සියලු දේ වෙනුවට පලා ලියන පිහිය
අතුපතු ගාන ඉදල් කොසු
මා දෑත් රළු කරයි
______________________

කෝපය විසි කර ගඟට
මා දෙතොල් සිර කොට සිපගන්න පියබඳ
ඔබ කියයි!

Picture - Andrei Belichenko & Maria Boohtiyarova, Russian

1 comment: