Sunday, April 6, 2014

සඳ උගුලුවා දමමි



මධු විත අතට ගෙන සඳ දෙස බලමි
සඳ පතුරන්නීය අණසක
වෙල් එළි, තැනි ගොඩැති බිම්, වන අරණ් පුරා
කවියන් අත තැබූ විට මධු විත්
ලියැවෙන බැව් බොහෝ දේ කීවත්
බැමෙමි
බිම දිගාවෙමි
කෙත් මඩට පනිමි
මඩෙහි දිලිසුණු සඳ උගුලුවා දමමි

Picture - Phoebe Anna Traquair, Irish, 1862-1936, Love's Testament

1 comment:

  1. මිවදයකි ..... ජිවිතේ..... මීපැණි පිරිලා ඇති....... කලාවට මතට තිත නැතිද....? කවදාවත්

    ReplyDelete