Friday, April 25, 2014

ස්වාමීනී ඔබ දැන දැන සියලු දෙය..



ස්වාමීනී ඔබ
දැන දැන සියලු දෙය
වදාරන සැටි මා වෙත
'ඉවසන්න..ඉවසන්න' ආනන්ද
'නොසැලෙන්න..නොසැලෙන්න' ආනන්ද

ස්වාමීනී දැක නැත මම
දිය ඌල් තුති පුදන තුරු වෙත
අහස නිල පිළිබඳව දොඩමින්
විරිත්තාගෙන යනු මිස
සුබ පතත්ද ඔවුහු
අලුත උපදින පැළ වෙත
උගුලුවාගෙන ඔවුන් හද
ගස්සමින් බඳ යනු මිස

ස්වාමීනී නොසැලීම කවරක්ද
සීතල සිතින් උපන්
උණු කඳුළු බිඳුවක පිසීමද? අහෝ!

Picture - Vincent van Gogh (Dutch, Post-Impressionism, 1853-1890): Emperor Moth, 1889. Oil on canvas, 33.5 x 24.5 cm. Van Gogh Museum, Amsterdam, Netherlands

2 comments:

  1. සිරාවටම ඔළුවට වැදුන්නෑ..

    ReplyDelete
  2. ජිවිත යථාර්තය...... සොයනු මිස... කවර සංවෙදිතාද......

    ReplyDelete