Wednesday, April 2, 2014

බූලයි පොඩි ටොමියයි කොහෙද දුවන්නේ



හැන්දෑවේ සුළඟයි
බූලයි පොඩි ටොමියයි
පාට පාට ගස් අතරින් කොහෙද දුවන්නේ
නංගි එක්ක මං සෙල්ලං කරන්න යන්නේ

ඉස්කෝලේ ඉඳලා දුවගෙන ආවේ
හැන්දෑවේ ගුඩු, චක්ගුඩු පනින්න යන්නයි
පොත් පාඩං කරලා ලකුණු ගන්න හින්දයි
වෙල් එළියේ ඉපනැල්ලේ සතුට මැවෙන්නේ

නංගි එක්ක මං සෙල්ලං කරන්න යන්නේ
බූලයි පොඩි ටොමියයි කොහෙද දුවන්නේ

Picture - Gleb Goloubetski, Russian, born 1975, Happy Days

1 comment:

  1. සුනඛ සුරතලුන්.. කවදාවත් අපිව දාල යන්නැති, අපිට ඇත්තටම ආදරය කරන්න සුරතලුන්. හොර, බොරු, වංචා නැති හැබෑම ආදරවන්තයන්.

    ReplyDelete