
කළු ගඟ කළු ගඟ කළු ගඟ
කළු වුණේ ඔබ කොහොමද
කඳුළු පාටද දුක්පතුන්ගේ
සුසුම් වෙළෙවිද පැල්පතුන්ගේ
සාද ලා නුඹ අසල මත් වී
බඳ මහත ළෙලවා නටන උන්
දැක නුදුටු සේ අහක බැලු ඔබ
හිස නමා වැන්ඳාය බෝ නම
නෙළුම් මල් අකලට හැලී දිය
නලන් පණ අහසට පිදූ සඳ
ලුණු ම ලුණු කඳුළක් හිතින් ගෙන
කළා පියමන් සාගරය වෙත
එහෙවු කළු ගඟ ඔබ කළු වුණේ කොහොමද?
Picture - Claude Monet (French, Impressionism, 1840-1926): Seascape, 1866
කළු කලේ මං ස්වභාවධර්මයා විසින්මයි..... මේ ඉතින් මගේ පාට....
ReplyDeleteමිනිසුන් විසින් කළු කළ දෙයක්
Deleteසොබා දහමට කොහොම පවරමුද යෙහෙළිය?
බෝ ගැඹුරු හෙයින්ද....
ReplyDeleteදෙපස තුරු අතු පතර නැවී...
අවට අඳුරු කළ බැවින්ද....
මා දිය නෙතට කළුවන් විය....
මිනිස්සු මොනාකලත්, සොබාදහමට ඇය ඇගේ සොඳුරු දියණියමයි. පවරන්න දෙයක් නෑ අපිට දඬුවම් ලැබෙයි.
ReplyDelete