Friday, April 4, 2014

සැන්දෑව සහ මුහුද



රසිකා ගුණවර්ධන :


දිය සායම් බඳුන්

රැගෙන එයි සැන්දෑව

නිල් පැහැ කැන්වසය මත

හෙලනු පිණිස .


කඳු :

තීන්ත බෝතලයක්
ගවුමෙහි හළා ගත්
මුහුද 
උඩ පනියි නට නට

රසිකා ගුණවර්ධන :

උඩ යන
බඳ වට
බීරළු රේන්ද පෙළ!

කඳු :

සුළඟට ඉහළ යන සාය දැක
ඇඹරෙයි
නෙරළු තුරු පෙළ

රසිකා ගුණවර්ධන :

අත් දෙකින්
මුහුණ වසාගත්
කකුළුවන්!

කඳු :

සඳ අහක බලාගෙන

එහෙත් එක ඇහැක් ඇරගෙන

කඳු :

පෙණ බුබුළු උතුරා යනු පිණිස
බීර බෝතල් අරියි
උදම් රළ

කඳු :

පෙණ බුබුළු කලතමි
ඔබෙ රත් දෙතොල් සිඹිමි
සඳ නැඟෙන තුරු ඉමි
වීණාව වයමි

Picture - John William Inchbold, English, 1830 - 1888, "Venice, Nocturne, San Giorgio Maggiore"

1 comment:

  1. නිදන ඔබ නවතා
    වැල්ලේ පා ලකුණු තබමී
    හිමිහිරිය සරසන්න
    සිප්පිකටු සොයමී

    ReplyDelete