Thursday, April 3, 2014

මට ඇවිත් නිවාඩු කාලය - ජීවිතේ ප්‍රීතිමත් ම කාලය



හරිත මිටියාවත දිගේ ඇවිදන් යන්න
තනියම තණ පලස මත වැතිරගන්න
මට ඇවිත් නිවාඩු කාලය
ජීවිතේ ප්‍රීතිමත් ම කාලය

මිතුරනේ
ඔබ මා සොයා එන්න
සිනා මී බඳුන් අපි
විසි කරමු උතුරායන්න

මට ඇවිත් නිවාඩු කාලය
ජීවිතේ ප්‍රීතිමත් ම කාලය

ඔබේ ජීවිත හිර වෙලා නම්
මම එන්නම් ඔබව බලන්න
පරණ තාලේ මතක පොත්
අරගෙනම නැවත කියවන්න

Picture - Vladimir Bzhezovsky, Russian

No comments:

Post a Comment