Tuesday, April 1, 2014

යළිත් හමුවෙමු පුරුදු ආලෙන්



නතර වෙමු අපි අතරමඟකදි
ආලයත් ආදරය අතරෙහි
මල් පිපෙන තුරු තුරුහු සිරසෙහි
නතර වෙමු අපි අතරමඟකදි

රනින් කළ රන් අහස මත ඇති
බඳුන් නිලුපුල් නිවා මේඝෙන්
වැසි වැටෙන්නට අර අදින නුබ
අසල නැවතී
යළිත් හමුවෙමු පුරුදු ආලෙන්

සඳුන් ගිර වුව ගිනි වැදේ නම්
සුවඳ විතරක් ඉතිරි කරගෙන
ආදරය අපෙ නොදන්නා මෙන්
ලොවෙන් සැඟවී
යළිත් හමුවෙමු පුරුදු ආලෙන්

Picture - Renata Brzozowska, Polish, born 1977

4 comments:

  1. ලස්සන පද වැලක්..

    ReplyDelete
  2. වෙනද වගේම අදත් හොඳ නිර්මාණයක් තිළින කලාට ඔබට තුති.

    ReplyDelete