Thursday, April 10, 2014

ඇල්මැරුණු ආදරය



ආදරය ගැන ප්‍රේමය ගැන
මට තිබෙන්නේ ඇල්මැරුණු සොබාවක්
කාලයක් නොවේ නම් කෙනෙකුට
ඉබේ පහළ නොවේ කිසිවක්

එක තැනෙක එක සැටියෙන්
හිඳ සිටින්නට බැරි හැටියක්
කොරිඩෝව සේදුවොත් නරකද
දූවිල්ල නේද හරියට
උයනවා උයනවා තුන් වර
ලුණු මිරිස් නැතිය ගණනට
මා ආදරෙයි කීවොතින් ඔබ හට
එය මහා විහිලුවක් සකිසඳ

Picture - Heinrich Ludwig Wittich, German

2 comments:

  1. නැත ඔබ ආදරෙයි කිව්වට වරදක්..... නුඹත් අපේ කාලයේමයි.......

    ReplyDelete