Tuesday, April 1, 2014

ගඟක් නොවෙමි සැබවින් ම



සුමිතුරේ
මා ගඟකි
ඉවුරු දෑලක් නැති ගඟකි
ගල ගලා ගල ගලා යන ගඟකි
ගල ගැටුම් දිය බිඳුම් හළ ගඟකි

සුමිතුරේ මා ගඟකි

තාලයක් නැති කවියක
හඬන්නේ කුමටද
ආලයක් බැඳි මතකෙක
තනුව වනවා මිස

පාදමක් නැති අරුතක
බිඳෙන්නේ කිම තව
පෙණ බිඳක් මෙන් දිවියක
අරුත නිමවනු මිස

Picture - Irina Podvarko, Russian

1 comment:

  1. පෙන බිදක් කවදාවත් නොනගීද??

    ReplyDelete