
නිමිත්ත - චාරිකාවක ගිය දරුවෙකු ප්‍රපාතයට වැටී මිය යයි.
දං බෝවිටියා පිරිලා අම්මේ අපේ සිදාදිය වගේ නොවෙයි
කඳු අග්ගිස්සෙත් ගස් වැල් එබිලා පහළැති අසිරිය බලා හිඳියි
තැන තැන පීදුණු වන පස කුසුමන් වලාවකට නෙත කැලුම් පුදයි
අත්තටු ගත්තෙමි අහම්බයෙන් මම බලා එන්න සොඳ අසිරිය කොයි
ගෙවල් කුලී ඉල්ලාගෙන හවසට නෑදෑයෝ වන ගැබට නො එයි
කණ අස වැයෙනා සකුණ සරක මිස චණ්ඩාතප 'කුරු සවන නො එයි
වතුර බිලක් ගැන නොහිතම කිමිදෙනු පිණිස සලා දිය ඇළ දොළ යයි
අම්මේ මං මෙහෙ නවතින්නද දැක්කොත් අම්මත් වන ගැබ නවතියි
ඉස්සී ආපසු ඉහළට එද්දී කුසුම් ලතා තුරු වදුලු 'තරින්
වැස්සක් වාගේ අම්මගෙ කඳුළක් දිලෙනව දැක්කෙමි අහස මැදින්
නංගිත් එක්කල අම්මා ආපහු යන්නේ කොහොමද පරිස්සමින්
අම්මේ නිල් වන ගර්භ එපා මට එන්නම් මං අම්මාගෙ ළඟින්
Picture - Margaret W. Tarrant, English, 1888-1959, Girl with Primroses
No comments:
Post a Comment