Thursday, April 3, 2014

මට හරිම සතුටුයි අම්මා



හරි හරි මොකද ඔය හැටි කෑ ගහන්නේ
මට හරිම සතුටුයි අම්මා
ජොබ් එකෙන් අයින් වුණාම
මම හරිම නිදහස් අම්මා

මං හිටියෙ කූඩුවක හිරවෙලා
දැන් ඉඹින්නට පුළුවන් මට කුරුලු පියාපත්
උන් පරාදයි අම්මා
මං මගෙ හිතෙන් දිනුම්

වැහි බින්දු අතරේ මහ පාරෙ
උඩ පැන පැන නටන්නට ඕනෑ
අවුරුද්දට කොවුල් හඬ අරගෙන
මට ගමට එන්නට ඕනෑ

රස්සාවෙන් අයින් වුණ එක ගැන
මට හරිම සතුටුයි අම්මා

Picture - Sergey Reznichenko, Russian, born 1968

No comments:

Post a Comment