Thursday, April 3, 2014

තටු නොමැති මගේ රට



දන්නවද මැක්නීල්
පහුගිය ටිකේ මට හිතුණ කම්කරු ඇමති වෙන්න
කපා කොටා වනසන නීති වේවැලක් කොට
සුනඛයන්ට පහර දෙන්න
ජීවත්වෙන සිරකරුවන් ඉන් මුදාගන්න

ඒත් ඔබ කීවා
එකතු වී ලොකු කොම්පැනිකාරයන්
බෝම්බ ගහයි ඔයාට

ඔයා හරි වෙන්න ඇති මැක්නීල්
තටුදෙන්න අමාරුයි හැමෝටම
කම්කරු ඇමති වෙන්නත් බෑනෙ එක පාරට
මගේ තටු විහිදලා මං ආව ඔයා ගාවට

ඒත් මට හරි දුකයි තටු නොමැති මගේ රට ගැන
තටු කපපු මගේ රට ගැන

Picture - Richard MacNeil, British, born 1958

No comments:

Post a Comment