
මට ඔබ රැගෙන යා හැකි
තවත් එක විදිහක් ඇති
ඔබ පිළිබඳ ලිවීමය
කිසිවෙකුට නොරිදෙන සේ
ඔබ කඳු මුදුන නිවස
දැන් ඔබ එහේ නැති
පහළ නිම්නයේ ගලන දිය ඇලි
තවම ගලනවා ඇති
සිතින් ඔබ නිවසට යමි
සිප ගනිමි අහස සිඹිනා කුටි
මම නරක කෙල්ලක්මි පෙර සිට
ඔබ වෙත ලියූ ලියුම් මිටි
මා කොහොම ඔබ හට ආදරෙද
ඔබ නොදන්නවා ඇති
ඉලක්කම්වලින් ලියූ ආදරය
ඔබට අමතක ම වෙලා ඇති
අකාසේ තරු දෙස
ඔබ බලා ඉන්නව ඇති
වෙනත් 'මන්දාකිණියක'ත්
ඔබට ආදරේ අය ඇති
ඔබ එය නොදන්නව ඇති
ඔබට අමතක ම ඇති
Picture - Gleb Goloubetski
අව්‍යාජ ලෙස සිතැඟි සිත්තම් කළ අපූරු අදහස් පෙළක්
ReplyDelete"ඔබ කඳු මුදුන නිවස
ReplyDeleteදැන් ඔබ එහේ නැති
පහළ නිම්නයේ ගලන දිය ඇලි
තවම ගලනවා ඇති"
/ ඔබ එය නොදන්නව ඇති
ReplyDeleteඔබට අමතක ම ඇති /
අමතකයි කියා ඔබ සිතූවද,.
කිසිවක්ම අමතක වෙලා නැති,
සඳරැසින් ලොව නැහැවෙනා සඳ,
මතක මාවතෙහි ඇවිද යමි.
Nothing is forgotten, nothing is forgotten Ever - Robin of Sherwood
ඒකපාර්ශ්වික ප්‍රේමයක් ගැන මතක
Deleteඑක් අයෙකුට පමණක් නොවෙද?
සමහරවිට ඔබ හරිද.. නොදනිමි..