Sunday, April 13, 2014

මා පතන ලොව සැඟවුණු අමුත්තෙක් වැනිය!



අලුත් අවුරුද්ද ගැන මට
කිසි දෙයක් හිතෙන් නෑ ඇත්ත
ඒත් අර අන්න
නැවුම්බර උදෑසන!

පිනි වැටී ඇත මිදුල
මල් පිපෙනු ඇත නිබඳ
තුරු මතෙහි පත් පවා
ලලිත රැඟුමන් රඟන

ඒත් මට නම් තවම
මා පතන ලොව සෙවුම
කිසි කලෙක නොම සොයනු
බැරි (සැඟවුණු) අමුත්තෙක් වැනිය!

Picture - Pier Toffoletti

6 comments:

  1. ලෝකය දිනෙන් දින අළුත් වෙනවා. අපි සම්ප්‍රදායන්ට කොටු වෙනකොට අපි පතන ලෝකය හැම විටම අපෙන් ඈතටම යන්නේ ඒකයි.

    ReplyDelete
  2. අප පතන ලොව කවදා උදවේදැයි....... කිවහැකි මනාය.......බලාහිදිමි.....තවත්...... උදාවක්.....

    ReplyDelete
  3. සුබ නව වසරක් කඳු!!! :)

    ReplyDelete
    Replies
    1. ඔබටත් ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් රවී!!!

      Delete
  4. කඳුට.....නැවුම් චින්තනයක් සහ සිතැඟියාවන් ඉටුවන අවුරුද්දකට ආසිරි පතන්නේ නිරතුරුවම ඔබේ කවි රස විඳිමින්..

    ReplyDelete
    Replies
    1. හුඟක් ස්තූතියි.. ඔබටත් ප්‍රීතිමත් අලුත් අවුරුද්දක්!!

      Delete