Wednesday, April 30, 2014

මැයි රැළිය



මැයි රැළිය ඇරඹෙයි මගේ නිවස ඉදිරියෙන්
ජවයෙන් පිරි මිනිස් හඬ ඇසේ ගේට්ටුව එපිටින්
වාහන දෙදරුම දැනේ මා ළයට
ඔබ එනව නම් මැයි රැළියට
බලනු මැන තාප්පයෙන් එබෙන පයින් ගස දෙස
කවියක් එල්ලා තබමි එහි මුදුන් අත්තක
ඔබට කියවනු පිණිස
අනවරත කපුටු ගී අතරතුර

'ජයවේවා කම්කරු පන්තියට!'
'දවාලය වන තුරු
නිදන මත් වූ දැරියට!'

Picture - Daniel F. Gerhartz

2 comments:

  1. සංස්කෘතික අංගයක් පමණක්ම බවට පත්ව ඇති මැයි රැලිය..

    ReplyDelete