Wednesday, July 24, 2013

එහෙත් ඒ කවි ලිවිය හැකි වෙද?



ඔබේ කවි සුන්දරයි
ප්‍රේමය ලිහිසි ව තැවරි
ඔබේ කවි සුන්දරයි
මුහුදු රළක් මෙන්
හීන් හුළඟක් මෙන්

එහෙත් ඒ කවි ලිවිය හැකි වෙද
හිත හීරී ගිය කෙනෙකුට
කඳුළක් වගේ බේරී වැටුණු කෙනෙකුට
දුප්පත්කමින් හද පුච්චා දැමූ කෙනෙකුට
තහනම් දේශයක වේදනාවෙන් නඟන කෙඳිරියක් මිස
විජිතයෙන් පලා හළ කෙනෙකුට

Picture - Anna Taut

3 comments:

  1. නියමයි....
    ඉස්සර වෙලාම ගොඩ වැදුනා මෙ පැත්තට...අටමා තමයි පාර කිව්වෙ

    ReplyDelete
  2. මේ කවි ලියන නුඹේ හිතත් සුන්දරයි..

    ReplyDelete