ඔබේ කවි සුන්දරයි
ප්‍රේමය ලිහිසි ව තැවරි
ඔබේ කවි සුන්දරයි
මුහුදු රළක් මෙන්
හීන් හුළඟක් මෙන්
එහෙත් ඒ කවි ලිවිය හැකි වෙද
හිත හීරී ගිය කෙනෙකුට
කඳුළක් වගේ බේරී වැටුණු කෙනෙකුට
දුප්පත්කමින් හද පුච්චා දැමූ කෙනෙකුට
තහනම් දේශයක වේදනාවෙන් නඟන කෙඳිරියක් මිස
විජිතයෙන් පලා හළ කෙනෙකුට
Picture - Anna Taut
නියමයි....
ReplyDeleteඉස්සර වෙලාම ගොඩ වැදුනා මෙ පැත්තට...අටමා තමයි පාර කිව්වෙ
ජය වෙවා.!
ReplyDeleteමේ කවි ලියන නුඹේ හිතත් සුන්දරයි..
ReplyDelete