
පිම්පල් ට්‍රීට්මන්ට් ව්රින්කල් ට්‍රීට්මන්ට්
ඩිම්පල් මේකින් සිම්පල්
හායි හලෝ
මහත්මිය ඔබට පුළුවන්ද
මා මනස් රුව සරසන්න
පටිච්ච සමුප්පාද අවබෝධ
මන ඇස ගැඹුරු තැනකට ගිල්වන්න
කොණ්ඩෙහි නොව කොන්දෙහි
නැවී ගිය තැන් ඇතොත් ස්ට්‍රේට් කර දෙන්න
රීබොන්ඩින් නං එපා ඔන්න
ගිනි ගත්තු හිස නිවාදෙන්න
ඔය සිනිඳු ඇඟිලින් ටොකු ඇන ඔන්න
පැසී ගිය හිස කෙසක් ගලවා අත තබන්න
එකින් එක බර හිසින් උදුරා දමන්න
Picture - Charles Dwyer, American, Born 1951, Hillary
අපේ ජිබ්රාන් ලොක්කා නං කීවේ රූපලාවණය පස්සේ එළවන්නේ කිසිම රූපසම්පන්තියක් නැති අයයි කියලා..
ReplyDeleteකොච්චර දෙයක්ද එයා හරි එහෙම කියල තියෙන එක..
Deleteමේ කවිය ලියැවුණේ ඊයේ බස් එකේදි බෙදුව සැලෝන් එකක පත්‍රිකාවක් දැකලයි.. (මේ චිත්රයේ පහළට වැටිල තියෙන පාට කළ මූණ දැක්කද?) ඒත් රූපයට සමාජයේ කොච්චර ලොකු තැනක් ලැබෙනවාද?
Deleteපින්තුරෙ නං දැං තමා දැක්කේ.. මං ඕවා එච්චර උවමනාවෙන් බලන්නෑ නෙව.
Deleteරී බොන්ඩින් ගැන කතාවක් තියෙනවා මටත්...ලියන්ඩ ඕනේ ඒ ගැන වෙලාවක :)
ReplyDelete