
නොදැන උන්නෙමි ඔබ පැමිණි බව මළගමට
මං උනත් හිතුවෙ නෑ මේ බඳ මහත කොස් ගස් අතැර යන්න
දැක්කෙ නැද්ද ගෙයි එපිට වෙල් යාය
හිස නමාගෙන නොවැ හිටියෙ වී කරල් සේරොම
ළං වෙලයි තිබුණෙ කපා ගෙට ගන්න කාණ්ඩෙම
ඉස්සර වුණා වක්කඩෙදිම
හදිසියේ ආ දිය පහර
ඇල වුණා ළඟ තිවුණු ගල ඉහත්තාවට
ඔන්න ඔහොමයි වුණේ
ඉතින් උන්නැහෙ දැක්කෙ
කොච්චර කාලෙකට පස්සෙද
තව ම කවි සංගමේ වැඩද හරි හරියට
අපි නම් හරි බරි ගැහුණෙ ගමට
හුඟක් ඉස්සර නොවැ
ආපදාවක් වුණේ නෑ
පිරී ඉතිරී ගියා ජීවිතය
Picture - Vincent van Gogh
මට නම් මෙලෝ මලදානයක් තේරුන් නැහැ..ඒත වැදගත් කවියක් වෙන්න ඇති.
ReplyDeleteමළදානෙ තේරෙන්න හත් දවසක්වත් යන්න ඕනෑ.. අපි ලියන්නේ නොවැදගත් කවි, ඒ නිසා ඒ ගැන සලකන්න කාරි නෑ-
Delete