
කුමාරයෙක් වෙන්න මට
බැරි වුණා ඩයනා
එත් ඔබ හිත ඇතුළෙ ඉපිද ඉපිද මියෙන
ආදරවන්තයෙක් වුණේ නැද්ද මම
ඔබේ කුඩා නෙත් සරයක්
මිහිරි වයින් උගුරක් මෙන්
මගේ ළය මත ගලා යද්දී
වඩා මන්ද්‍ර ළයකින්
ඔබ මගේ හද සිගරට්ටුව ඇවිළුවා
පිළිස්සුණත් අප ඇති තරං
ආදරය තුළ මරණයත්
අමරණීයයි නේද?
බිඳී ගිය තැන් තනන විට
අන් හද බිඳී ගිය තැන්හි
මගේ හිත කැඩී බිඳී තැලී ගිහින්
ඔබ නැති ව
ඔබ පොරොත්තු ව
යළි තනන්නට බැරි ම විදිහට
සොඳුරිය
picture - http://princessdianabookboutique.wordpress.com/page/15/
No comments:
Post a Comment