
කාර්යාල අසුනේ හිඳ සිටියද
නොපෙනෙන තැතිගැනීමකි මා වෙළා ගත්
ඝාතකාගාරයක නවතා ආ පරිද්දෙන්
මා පෙළන්නේ ඇයි දැන් දැන්
විනාශකාරී ඇමතුමක් ගෙන එයිද
අකලට හද තැනි බිම් පවා
ඔසවා බිම දමන කිසිවක්
රජයේ රෝහලක මව නවතා පැමිණීම
අහෝ මා මෙතරම් පෙළන්නේ ඇයි
වරදවා ඔවුහු විදිත්ද වැරදි බෙහෙතක්
නොරුස්නා හැසිරීම බිඳවයිද හද මුදු තත්
නොකරත්ද ඔවුහු කළ යුතු පිළියමක්
හිනැහෙමින් සිටිත්ද දැක දැක ලෙඩෙකුගෙ දුකක්
අහෝ මා විශ්වාස කරන්නේ කෙසේද
මැරී මැරී ගැහෙන හදක
ගැස්ම නොහඳුනන මිනිසුන්
අහෝ හදවත් නොමැති මිනිසුන්!!
Picture - Antonello da Messina, Italian,1430 - 1479
(ප.ලි. - මෙම කවිය පුද්ගලික රෝහල් හොඳ බව පවසන්නක් නොවන බව සලකන්න.)
ඇත්ත කවුරු හරි කෙනෙක්ව රජයේ රෝහලකට ඇතුලත් කරොත් නම් අද කාලේ බයෙන් තමා ඉන්න වෙන්නේ
ReplyDeleteඅපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com