Monday, February 3, 2014

අහෝ වෙරි වී මදි මම්!

එම්බා ශීත සෘතුව
මුල් වරට වෙරි වුණෙමි මම
රළ නඟා නැගුණු සිතුවිලි
සීරුවට ගලන හැටි

මුළු සිරුර සෙමින් උණුසුම් වෙයි
වසන්තය මල් නාටක ගෙන එයි
මම ශීත සෘතුව බදා ගමි
රොබරෝසියා මලක් මෙන් දැන්
එම්බා ශීත සෘතුව
මුල් වරට වෙරි වුණෙමි මම

තුඩින් තුඩ තබා පෙම්
ගිලිහුවා මෙවුල් දම්
අහෝ වෙරි වී මදි මම්
එම්බා ශීත සෘතුව

Picture - Fritz Henle (American, German-born, 1909-1993): Frida Kahlo at Xochimilco, Mexico, 1937

1 comment: