
ළබඳ නොපැමිණෙනු මැන
මගේ අවමංගල්‍යයට
එකට වැඩ කළ අත නැති ව
හද පෙළන සොව සමඟ
දනිමි මම ඔහුට
ඔබට සැලකිය නොහැකි බව
රතු රෝස සුදු රෝස ඩේලියා
මල් වඩම් රැගෙන නො එන්න
හැකි නම් ඔහු මල් පරිදි සුසිනිඳු
යහනක තබා නිදි පමුණුවන්න
නෙස්කැෆේ ඇතිද
සහල් පරිප්පු කොහොමද
බත් පැකට් නරකද
වතුර වීදුරු කොහිද
ඔහු නොදත් දෙය අස අසා
නොපෙළන්න
ආදාහනාගාරයේ දුම් කවුළුව දෙස බලන්න
සිතුවිල්ලක් පවා කවර අගයක්ද
වේදනාවක් පවා නොවටින සුලුද
හලා ඇඟලුම් සැණෙන
ළබඳ ඔබ බුද්ධත්වයට පැමිණෙන්න
Picture Courtesy - listofimages.com
No comments:
Post a Comment