
කුසත් ළමැදත් අතර තැනෙක
මස් පිඬු කැලඹෙමින්
විටින් විට
සිහි කරවයි ඔබ නික්ම ගිය බව
උගුරු දඬුව මත යමක් සිර ව ඇති සේ
හැඟෙයි මට
ඒ වුනත් අද ඔබේ උපන් දිනය
මෙතරම් කැලත පෙරළෙන්නේ
කුමකටද විල දිය
තැනින් තැන නා නා මල් මඤ්ජරී ගැවසි කල
කිසි දාක මුවින බැණ නොවැදුණ
පෙමක් ගැන හිතන්නේ කිම දස වසක් තිස්සෙම
ඔබ ඇවිද ගිය හැටි
නැවතී බලා උන් හැටි
ඒ හැම විට ම ඔබෙ හිත
හිනාවක්ද ඇනුම්පදයක්ද වූයේ
එක පෙළට ඇවිද නොගිය අපි
ඉතින් පෙම්වතුන් නොවෙයිද?
ඒ වුනත් අද ඔබේ උපන් දිනය
කිසිදාක අමතා සුබ නොපතන
Picture Courtesy - 'Say Anything' Movie
අනේ මන්ද මොනා කියන්නද?? වෙච්චි දේවල් උනා.. ගනන් ගන්න එපා...
ReplyDeleteඒ වෙලාවට අමාරුයි තේරුම් ගන්න
ReplyDeleteකොයි වෙලාවටද
ඒ වෙලාවට
කදු
ලස්සනයි
නැත්තම්
පට්ට පායන
මේ අව්ව
නැත්තම්
oh.. :)
Deleteඅද මගේ උපන් දින
ReplyDeleteකිසිදාක නොලැබෙන
එකම පැතුමක් පතන...
බොහෝ කළකට පෙර
මා නික්ම ගිය දින
මම හැරී බැලු හැටි
මම බලා උන්නු හැටි
දුටුවේ නැතිද ඔබ
අනේ මට කියන්න
ඇයි කතා නොකළේ ඔබ?
අද මගේ උපන් දින
ලද සියක් පැතුම් මැද
නොලැබෙන පැතුමක් ගැනම
පාළු හිත හූල්ලන!
!!
Deleteලස්සනයි මිත්රයා (y)
ReplyDeleteස්තූතියි මිත්රයා..
Deleteලෝබ හිතෙනව කදු සිතුවිලි ගෑන... ලස්සනයි.. :)
ReplyDeleteස්තූතියි :)
Delete