
ගිලන් බිම රාත්රිය
බිළිඳු හැඬුමකින් ඇහැරෙයි
රබර් වතු ඉස්මත්ත අහසේ
රෝස පැහැයක් තැවරෙයි
තාවර ව උන් වේදනා රැළි
පෑදි බැල්මකින් නිම වෙයි
හද පුරා උතුරාන සැනසුම
නව සඳක් අහසට එයි
හුස්මකට පවා ගැස්සුණ
අයිසීයූ මරණීය සිහිනය
ගෙදර යෑමට සැරසෙන
රෙදි බෑගයෙන් නිම වෙයි
තව නොබෝ පැයකින්
අලුත් දවසක් අරන්
අලුත් වූ ඉරක් පායයි
Picture - by Michael Sheridan, A Cormorant Fisherman at sunset on the Li River near Xing Ping, Guangxi Province – Southern China.
ටිකක් අළුත් ඉරක් නේද? හැමදාම එකම ඉර මට විඩාව ගෙනේ
ReplyDeleteඅලුත් ඉරක් ලැබෙන්නෙ අලුත් අත්දැකීම් එක්ක.. අලුත් අත්දැකීම් හැමදාම ලැබෙන් නැනේ..
Deleteඩ්රයිවරුත් ආවා මේ පැත්තේ...කවි...කවි රස විඳින්න නම් පුලුවන් ලියන්න තමයි බැරි...පරන ඒවත් බලලම එන්නම්...
ReplyDeleteකවියක් රස විඳින්න පුළුවන්කම ගොඩක් සුන්දරයි.. ස්තූතියි පැමිණියාට..
Deleteඅපූරු සිතිවිල්ලක්...............
ReplyDeleteස්තූතියි...
Deleteමගේ සිත තදින් ඇද ගත් කවියකි!
ReplyDeleteස්තූතියි..
Delete