
කුරුල්ලනි නුඹ මිදී යන්නට අකැමැතිද ඔය හැටි
ඇගේ හදවත සුවඳ අත හැර මට යන්ට බැරි වගේ
මෝසම් සුළං ඇවිදින් පුපුරුවාලයි ඔබෙ නිවස
නොයා සිටියොත් එහෙම නිසංසල දේශයට
මුල් ඇද ඇති බවත් ඇත්තයි හරිත වන පෙත් නුඹට හඬ ගසා
උදෑසන හඬන්නෙත් ඔබේ නම සිය තුඩට වන නිසා
නුඹේ හද රිසි ගීය තුඟු මහල් රිසි ගීය නොම නිසා
මිහිරි තනු රැගෙන යනු 'කුරු පියා උගුලන්ට පෙර නසා
හද කැමති මිහිරි ගීතය ගයන්නට නොහැකි බිමකදී
මිතුර හද වළප සිඳු රළ සේම පෙළ පෙළ බිඳී
විලස පණ හල තුරක උපන් බිම සිඹින සකිසඳ නිති
සිප ගනිමි ඔබේ හද මල් ළපල් සපිරි අතු රිකිලි'ති
Picture - Kathleen Youngquist, American
No comments:
Post a Comment