
අහස - තරු පිරි අහස
ගම් තලාවට උඩින් පායයි
පොළොව කඳු පිරි පොළොව
අහස දෙස බල බලා හිනැහෙයි
වසත් සමයක නොපීදුණු මල්
කෝලයෙන් මුව අයා පිබිදෙයි
සුමුදු දේදුනු පැහැය අරගෙන
සඳ සමඟ මල් ගවුම් මහතෙයි
වනන්තර දිය ගඟුල් අතරින්
කන් යොමා මීමින්නු දුවතෙයි
බට නලාවක් කුරුලු තුඩ හිඳ
නිශාචර නින්නාද මවතෙයි
Picture - Vincent van Gogh (Dutch, Post-Impressionism, 1853-1890): Patch of Grass, 1887. Oil on canvas, 300 x 390 mm (11.81 x 15.35 inches). Kröller-Müller Museum, Otterlo, Netherlands.
ReplyDelete:)
:) :)
Deleteඅහා . නිශාචර කුරුළු නින්නාද ඇහෙන හැටි කවියෙන් .
ReplyDelete:)
Deleteගිරග ඇඳි සඳ එළිය විඳිනෙමි,
ReplyDeleteසිහිල දනවන නෙත්මනා,
සුනිල දිය මත තරඟ නංවයි,
මුහුල පිණිබිඳු ගිලිහෙනා,
ප.ලි -මීමුන්නු නෙවෙයි බොලේ මීමින්නු :)
ow, ow මීමින්නො, මීමින්නු :))
Delete