
යැවූ සුබ පැතුමට
පිළිතුරක් නොලැබුම
තුවාලයක් වගේ දෙයක් නේද?
එහෙත් ඔබ කොතරම් නුවණැතිද?
නොතල මටසිලිටි මලක පෙති
නිහඬ ව ම පසුවීම
කොලෝසියම ඉන් එහා ගිය නිල් අහස
මගේ හිත මත ඇන්ඳ සිතුවම
එහි ඔබත් මාත් නැති නම්
අත්තටු මන්ද මට
තටු සලා බොහෝ දුර පියඹන්න
කොලෝසියම
රණ ගොසද එය එහෙනම්
මගේ හද මත විලාපය නොවෙද?
Photograph by Douglas Wylie, Colosseum, Rome
http://photography.nationalgeographic.com/photography/photo-of-the-day/colosseum-italy-pod/
No comments:
Post a Comment