Friday, February 7, 2014

ජීවමාන කෘතියක්



රුපියල් දෙසීයකි හරියට ම
ගුලිකර දමා ගත් හම් බෑගයේ යට
එහෙත් පුරුද්දට මෙන්
සරසවියට ගොඩ වුණෙමි

අත පත ගා සොඳුරු පිට කවර
සොල්දාදුවාගේ දුක්බර ගීතය
මම් මම් ගා ගැයෙන
සඳට සිඳු ගැයු ගීත
තිබු තැන්වල ම තබා
ආවෙමි

සන්ධ්‍යා හිරු කිරණෙහි පෙඟෙමින්
පදික වේදිකාවෙහි
ඇවිද ආවෙමි

බසයේ නඟින්නට පොර කන
බොහෝ මිනිසුන් අතරෙහි
නැඟි විඩා සුසුමක
පියඹා යයි නෙක අකුරු

උණුසුම් සුළඟ පසු කර
කොහුවල ඉහළ අහසෙහි
මතු වන්ට වෙයි
රන් පාට

මඟ දෙපස පාට පාට සපත්තු
තිත් රටා ගැවසි පසුම්බි
මහතෙක් කතා කර අසයි
ලොතරැයියක් ඕනදැයි

හිස දෙපසට වනමි
සෙමින් ඇවිද යමි
ජීවමාන කෘතියක්
මා වටා දැන්

Picture - london-england-rain-karen-tarlton

No comments:

Post a Comment