
මධු සඳ එබෙන සැන්දෑව
කවුළුවෙන් එබී බලා සිටිමු අපි දෙදෙන
අර්තාපල් කොරටුවක් අයිනෙන්
ගලා යයි කුණු කාණුවක්
ජීවිතය වගේ යැයි සොඳුරිය
ඔබ නොම මුමුණයි
එහෙත් අපි
සැඳෑ ආලෝකය නිවී යන
ඈත කඳු උවන් දෙස
එක් ව බලා සිටිමු
වෙනස් අඩි පාරවල් දෙකක්
අහම්බෙන් හමු වුණු තැනක
මුණ ගැසී
වෙනත් වැසි සුළං අවසර
එකට කැලතෙනු දුටුවෙමු
නැත එහෙත්
ඔබ ඔබගේ අඩිපාරෙහිද
මම මගේ අඩි පාරෙහිද
වෙන් වෙන් ව
ගමන් ගත්තෙමු
එහෙත් ඒ කිසිවක්
තුට්ටුවකට නොතකා අපේ හදවත්
එක ම හඬකට ගැහෙමින්
බලා සිටී දැන්
විදුලි බුබුළු එක එක
නැඟෙන
අර ඈත කඳු මුදුන්
එක වර ම කැලතේ
බීර වීදුරුවක
සීතල සමඟ උණුසුම
කුඩා පෙණ කැටිති
විසිර එයි ඉහළට
Picture courtesy - Sixteen Candles (1984)
No comments:
Post a Comment