Saturday, February 1, 2014

මළගම



නොදැන උන්නෙමි ඔබ පැමිණි බව මළගමට
මං උනත් හිතුවෙ නෑ මේ බඳ මහත කොස් ගස් අතැර යන්න
දැක්කෙ නැද්ද ගෙයි එපිට වෙල් යාය
හිස නමාගෙන නොවැ හිටියෙ වී කරල් සේරොම
ළං වෙලයි තිබුණෙ කපා ගෙට ගන්න කාණ්ඩෙම
ඉස්සර වුණා වක්කඩෙදිම
හදිසියේ ආ දිය පහර
ඇල වුණා ළඟ තිවුණු ගල ඉහත්තාවට
ඔන්න ඔහොමයි වුණේ
ඉතින් උන්නැහෙ දැක්කෙ
කොච්චර කාලෙකට පස්සෙද
තව ම කවි සංගමේ වැඩද හරි හරියට
අපි නම් හරි බරි ගැහුණෙ ගමට
හුඟක් ඉස්සර නොවැ
ආපදාවක් වුණේ නෑ
පිරී ඉතිරී ගියා ජීවිතය

Picture - Vincent van Gogh

2 comments:

  1. මට නම් මෙලෝ මලදානයක් තේරුන් නැහැ..ඒත වැදගත් කවියක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මළදානෙ තේරෙන්න හත් දවසක්වත් යන්න ඕනෑ.. අපි ලියන්නේ නොවැදගත් කවි, ඒ නිසා ඒ ගැන සලකන්න කාරි නෑ-

      Delete