Thursday, February 27, 2014

රූපලාවණ්‍යය



පිම්පල් ට්‍රීට්මන්ට් ව්‍රින්කල් ට්‍රීට්මන්ට්
ඩිම්පල් මේකින් සිම්පල්
හායි හලෝ

මහත්මිය ඔබට පුළුවන්ද
මා මනස් රුව සරසන්න
පටිච්ච සමුප්පාද අවබෝධ
මන ඇස ගැඹුරු තැනකට ගිල්වන්න
කොණ්ඩෙහි නොව කොන්දෙහි
නැවී ගිය තැන් ඇතොත් ස්ට්‍රේට් කර දෙන්න
රීබොන්ඩින් නං එපා ඔන්න

ගිනි ගත්තු හිස නිවාදෙන්න
ඔය සිනිඳු ඇඟිලින් ටොකු ඇන ඔන්න
පැසී ගිය හිස කෙසක් ගලවා අත තබන්න
එකින් එක බර හිසින් උදුරා දමන්න

Picture - Charles Dwyer, American, Born 1951, Hillary

5 comments:

  1. අපේ ජිබ්රාන් ලොක්කා නං කීවේ රූපලාවණය පස්සේ එළවන්නේ කිසිම රූපසම්පන්තියක් නැති අයයි කියලා..

    ReplyDelete
    Replies
    1. කොච්චර දෙයක්ද එයා හරි එහෙම කියල තියෙන එක..

      Delete
    2. මේ කවිය ලියැවුණේ ඊයේ බස් එකේදි බෙදුව සැලෝන් එකක පත්‍රිකාවක් දැකලයි.. (මේ චිත්‍රයේ පහළට වැටිල තියෙන පාට කළ මූණ දැක්කද?) ඒත් රූපයට සමාජයේ කොච්චර ලොකු තැනක් ලැබෙනවාද?

      Delete
    3. පින්තුරෙ නං දැං තමා දැක්කේ.. මං ඕවා එච්චර උවමනාවෙන් බලන්නෑ නෙව.

      Delete
  2. රී බොන්ඩින් ගැන කතාවක් තියෙනවා මටත්...ලියන්ඩ ඕනේ ඒ ගැන වෙලාවක :)

    ReplyDelete