Wednesday, July 24, 2013

ඔබ කොහේවත් නැත

Vincent Giarrano, Title Unknown

ඔබ ඇතැයි සිතුවෙමි
එහෙත් ඔබ ඇතුළතත් නැත
පිටතත් නැත
ඔබ කොහේවත් නැත

අක්ෂාංශ, දේශාංශ අතැර ම
සිතියම් පොත පීරුවෙමි
වැඩ සටහන් පිරික්සුවෙමි
එහෙත් ඔබ නැත
පුදුමය නම්
ඔබ කවදාවත් ම සිට ද නැත

Picture - Vincent Giarrano, American, Born 1960

1 comment:

  1. ඇතිය කියා ඔබ හිතුවට
    නැතිය කියා හිත කිව්වට
    ඒක
    ඇතුවත් නෑ.. නැතුවත් නෑ..

    නැහැයි කියලත් හිතන්න. තියෙනවයි කියලත් හිතන්න

    ReplyDelete