Wednesday, July 17, 2013

කොපි පොතක් රැගෙන ආවෙමි.

රස්සාව අතැර එන අතර කඩයකට ගොඩ වැදී කොපි පොතක් රැගෙන ආවෙමි.



හිස් පිටුවකි
මා ඇසබියස
ලිවීමට ඇද්ද යමක්
මාහැඟි අරුත් උත්ථාන කොට ගත්

ජිරාෆයන් වැව රවුම ගෙන යමින්
බිළාලයනට අල බෝල දෙමින්
මාම පූසා පිටුවහල් කරමින්
මා හිතේ මවන සිනහව
පලක් වෙද යම් කවරෙකුට?

එසේ නම් කුමක් ලිවිය යුතුද

තවරා ලාවණ්‍ය වර්ණ
ඉඟ සුඟ හා නිසි පුළුලුකුල
ගැන ලීවොත් නැතක් දෙන
නොබලාවිද වපරැහින්
අහෝ! රහල් හිමිට වූ දිරිය

එහෙත් රිසි වඩා
ලිවීමට
හිරු එළිය නෑමට ඉගිල එන කුරුල්ලන්
තටු ගසා ප්‍රීති වන අයුර ම

ලිවිය නොහැකිද ප්‍රේමයක් ගැන හෙම
බොළඳ යැයි කියත්දෝ කිසිවෙක්
ප්‍රේමයේ හැටි මිසක
නොහැටි මවාපාන්නෙම්ද
බත් මිටක් දිය බිඳක් නොමැති ව
මිය ගිය විප්ලවයක්
අසනිය සමඟ විසංඥ ව
ඇසින් වට අයුරු ලියන්නද

පෑන තබමි පසෙකින්
කිසිත් නොලියා සැතපෙමි
පැය ගණන්
වරු ගණන්
දින ගණන්
සහ ජීවිතය ම

Picture - Walter Girotto

2 comments:

  1. පෑන තැබුවොත් නොලියාම.

    ආයේ ලියන්නට ඕන උනත්..

    තීන්න...

    ගල් ගැසී යාවි..

    එතකොට මොකද වෙන්නේ..

    ReplyDelete
  2. වරක් සිදුවිණ එලෙස
    කලක් පැමිණිණි
    වදනක්වත් නොපැමිණෙන සිතට
    තුඩින් ඇන ඇන මා වෙත
    කවි ලියන මිතුරු කැල
    තැබුවහ මා අත
    අලුත් පෑනක් රැගෙන
    විස්මයාවහ තුඩකි එහි
    අරුම පුදුමැති අකුරු විසිවෙන
    එබ්බුවාදැයි නොදනිමි
    ඔවුන් එහි අකුරුත්!!

    ReplyDelete