Monday, July 29, 2013

පුංචි බබා සහ කරදරකාර වලිගය




http://www.dinamina.lk/epaper/art.asp?id=2013/07/29/pg23_2&pt=p&h=පුංචි බබා සහ කරදරකාර වලිගය


දකුණු චීනයේ දැනට මාස අටක් වයසැති ෂියාවෝ වේ පුංචි බබා ඉපැදුණේ කොඳු ඇට පෙළේ දෝෂයක් එක්කයි. මේ තත්ත්වය බබාගේ කොඳු ඇටය සාමාන්‍ය පරිදි වර්ධනය කරන්නේ නෑ වගේ ම එහි පැල්මටත් හේතුවෙන තත්ත්වයක්. myelomeningocele spina bifida’ ලෙස හඳුන්වන මෙය කොඳු ඇටයේ තුනී පටලය සහ සුසුම්නාව කොඳු ඇටය පිටතට තල්ලු කිරීමටත් පිටුපසින් කෝෂයක් නිර්මාණය කිරීමටත් හේතු වෙනවා.

ඉන් පසු, මෙම කෝෂය 'වලිගයක්' මෙන් වැඩෙන්නට පටන් ගන්නා අතර ශල්‍ය වෛද්‍යවරයන් පවසන්නේ ෂියාවෝ පුංචි බබාගේ කොඳු ඇටයේ දෝෂයට පිළියම් යොදන තෙක් මෙම පුංචි වලිගයෙහි වැඩීම නවත්වන්නට ඔවුන්ට නොහැකි බවයි. මෙම  'spina bifida' තත්ත්වයට බලපාන නියම හේතුව සොයාගෙන නැතත් අවදානම් සහගත හේතු කිහිපයක් ම හඳුනාගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන හේතුවක් වන්නේ ගර්භණී සමයට පෙර සහ එහි මුල් ම කාල සීමාවෙහි ෆෝලික් අම්ලයෙහි ඌනතාවක් පැවතීමයි. spina bifida තත්ත්වයන් ප්‍රභේද කීපයක් ම පවතින අතර ෂියාවෝ පුංචි බබා පීඩා විඳින්නේ ඉන් වඩා බරපතල ප්‍රභේදය වන myelomeningocele තත්ත්වයෙනි. බ්‍රිතාන්‍යයේ සෑම ගර්භණී මවුන් 1000 දෙනෙකුගෙන් එක් අයෙකු මෙම තත්ත්වයට ගොදුරු වෙන බවයි වාර්තා වෙන්නේ.

ෂියාවෝ පුංචි බබාව ඉක්මනින් සුව වෙන්න කියල අපිත් ප්‍රාර්ථනා කරමු නේද?

2 comments:

  1. ඔව් දරුවෙක් සුව වෙන්න කියල ප්‍රාර්ථනාවක් කරන එක කොයි තරං හොදද? අපි විශ්වයට මුදා හරිමු අපේ පැතුම දවසක සඵල වන්නට. ස්තුතියී ඔබට

    ReplyDelete
  2. ආශිර්වාද කරමු.!!!

    ReplyDelete