කාංචනා කරුණාමුනි :
කඳු මුදුන
සිනාසෙන්නේ සතුටින
මහ මැඳුර ගැන නොව
පහළ ඇති පැල්පත ගැන
කඳු :
දුදුල පසු කර වදුලු අතරින
කඳුළ විසුරයි මුහුළ කඳු හිස
පතුල නොම දත් අන්ධකාරෙක
සැඟව යයි නුඹ කුඩා පැල්පත
.
.
දිදුළ මුදුන
නිතර පහළ බලමින
නීල මුහුලස බැඳි
සුමුදු අත්තල දෙස
සලා මිණි කිංකිණි හඬ
නින්නාද වෙන්නේ කටහඬ
නිතර පහළ බලමින
නීල මුහුලස බැඳි
සුමුදු අත්තල දෙස
සලා මිණි කිංකිණි හඬ
නින්නාද වෙන්නේ කටහඬ
.
කාංචනා කරුණාමුනි :
දනිමි අරුමැසි නෙත් කැළුම් විස
මරණ තුනක් අතැතිව පැණි කනු රිසි වෙම්
.
කාංචනා කරුණාමුනි :
කඳු :
,
එළා පිළි ගනු වස්
ශ්වේත ගණ සළුව
ඈ බලා උන්නු හැටි
මියෙන තුරු කඳු සුපුල
අතින් පිහිදා හැර
මතක හිත දුහුල
දිනු යම් කෙනෙක් වේද
නොගැලපුණු පවුර?
.
,
එළා පිළි ගනු වස්
ශ්වේත ගණ සළුව
ඈ බලා උන්නු හැටි
මියෙන තුරු කඳු සුපුල
අතින් පිහිදා හැර
මතක හිත දුහුල
දිනු යම් කෙනෙක් වේද
නොගැලපුණු පවුර?
.
ඈ පහන් සිළක් මෙන්
සසැලුණු ගමන
උතුරු සුළඟ දැක දැක
කුණාටුව කැදවන
පවුරකට කුමට සුළඟක වග
නෙත් පියාගෙන විඳිනවා හැර
සසැලුණු ගමන
උතුරු සුළඟ දැක දැක
කුණාටුව කැදවන
පවුරකට කුමට සුළඟක වග
නෙත් පියාගෙන විඳිනවා හැර
කඳු :
එක පෙළට පිරි නමන නෙත් කැලුම් අතර
පවුරු පමණක් නොවෙයි උයන් වතු වුව ද
දෑත් විහිදා නගන ගොර බිරම් අහුර
නුඹ නොදන්නේ කියා මට බොහොම සැකය
නෙරළු තුරු පොර බදා ඉගිල යනු තනන්නේ
සදළු තල ගිනි අවුළ රතු ඇසින් බලන්නේ
දෝතලු වන දෙසින් සුළි පුපුරු නැඟෙන්නේ
හෝපලු වනය වුව ගල් ගැසී නිදන්නේ
එක පෙළට පිරි නමන නෙත් කැලුම් අතර
පවුරු පමණක් නොවෙයි උයන් වතු වුව ද
දෑත් විහිදා නගන ගොර බිරම් අහුර
නුඹ නොදන්නේ කියා මට බොහොම සැකය
නෙරළු තුරු පොර බදා ඉගිල යනු තනන්නේ
සදළු තල ගිනි අවුළ රතු ඇසින් බලන්නේ
දෝතලු වන දෙසින් සුළි පුපුරු නැඟෙන්නේ
හෝපලු වනය වුව ගල් ගැසී නිදන්නේ
කාංචනා කරුණාමුනි :
දනිමි අරුමැසි නෙත් කැළුම් විස
මරණ තුනක් අතැතිව පැණි කනු රිසි වෙම්
.
කඳු :
"හිටු" කියා නොනවතා
"කනු" කියා කියනු රිසි වෙම්
අහෝ! ළාබාල ස්ත්රිය
අන් කවර තොපට දෙසනෙම්
.
"හිටු" කියා නොනවතා
"කනු" කියා කියනු රිසි වෙම්
අහෝ! ළාබාල ස්ත්රිය
අන් කවර තොපට දෙසනෙම්
.
රුදුරු රෝගයකි
අනිසි තැන බැඳීම
අනිසි තැන බැඳීම
කඳු :
.
නිසි- අනිසි නැත
ලද තැන බැඳුම් වෙයි
දඬුවම් නොවම්
.
නිසි- අනිසි නැත
ලද තැන බැඳුම් වෙයි
දඬුවම් නොවම්
.
බැඳීමම දඬුවමකි
ස්වල්ප ආලයක් තෑගි ලෙස ලැබෙන
ස්වල්ප ආලයක් තෑගි ලෙස ලැබෙන
කඳු :
සමහර දේ ඇති
වැඩිමනත් භයංකාර
කිසිවෙකුට සම්බන්ධ නොවෙන
එහෙත් ලබා ගත යුතු
.
අද නම් ලොකු කවි කතාවක් දාලා නේ. ගොඩක් රසවත්
ReplyDeleteරසයනම් අඩුවක් නැ කොමද හප්පා මෙහෙම කවි සිතුවිලි එන්නේ
ReplyDeleteපොඩි විස්තරේකුත් දැම්මනං එළම තමා. බැස්කර්විල් මතක් උනේ කාලෙකින්..
ReplyDeleteකඳුටම ගැලපෙන දක්ෂ කෙල්ලෙක් තමා හිතනලන්තේ කාංචනා......
ReplyDeleteකන්ද අසලම
ReplyDeleteඉඩක් සොයා........
පැලක් හදපන්
කාංචනා......
අපිට නම් කවි ලියන්න බැහැ.කඳු උඩ ඉඳන් බලනකොට බිම ඉන්න අපිව පුංචි .......වගේ පේනවා ඇති නේද?හරිම ලස්සනයි දෙන්නගෙම කවි.
ආහ්...මේ අර පරණ කවි සෙට් එකනේ.
ReplyDeleteඊයේ කට්ටියම එකතු වෙලා ලියපු එකත් දාන්න.