Thursday, February 20, 2014

ගීත රචනයෙන් කලා කෙත අස්වැද්දූ ඇලෝයි ගුණවර්ධන අද අසරණයි












News - http://www.dinamina.lk/epaper/art.asp?id=2014/02/20/pg16_1&pt=p&h=



පරණ සටහනක්

http://www.divaina.com/2011/12/30/cineart04.html

ප්‍රවීන ගීත රචක ඇලෝයි ගුණවර්ධන අසාධ්‍යව රෝහලේ

60' 70' දශකයන් එකලු කළ සිංහල සරළ ගීතය පිළිබඳ මතකය දශක පහක්‌ ගෙවී ගියද අදටත් එකසේ පවතී. අසාහාය ගායක එච්.ආර්. ජෝතිපාල, ඡේ. ඒ. මිල්ටන් පෙරේරා බඳු ගායකයන් ඒ සරළ යුගය සිය හඬ මාධූර්යයෙන් ඔපවත් කරද්දී පද මාධූර්යයෙන් ඊට ඔදවත් මෙහෙවරක්‌ කළ ගීත රචකයන් වූයේ අතැඟිලි පමණකටය. ඇලෝයි ගුණවර්ධන එබඳු ගීත රචකයෙකි.

ඇස්‌ දෙක වාගෙ හිටිය, පණ වාගේ හිටියාට, මා ලද ජීවිතයේ, පායා ඇයි හිනැහෙන්නේ, රඟපාන ඔබ කවුද සුකුමාලියේ, සුවඳයි මුවේ මල් පැණි, රත්තරං කූඩුවේ ඉන්න රන් කිරිල්ලියේ, අහන්න මගෙ හොඳ පුංචි පුතේ, උපන්දා සිට කරපු පව් නැත, සිංහල ඉතිහාස පොතේ, පිළිගන්න මම ඡන්න ඇමැති වෙමි වැනි අදටත් ජනප්‍රිය ගීත රැසක්‌ ඇලෝයි ගුණවර්ධන රචනා කළ බව නොදන්නෝ සේම දැන දැනත් නොදන්නා සේ සිටින්නෝද බොහෝමය.

79 වියෑති ඇලෝයි ගුණවර්ධනයන් මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් මුල්ලේරියාව දිසා රෝහලේ 8 වැනි වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි.

රෝගී තත්ත්වයන් යටතේ සිටිමින් වුවද මුද්‍රණාලයක අකුරු අමුණන්නකු ලෙස කටයුතු කළ ගුණවර්ධන මහතා ඉතා දුක සේ දිවි ගෙවන්නෙකි. අදටත් ඔහුගේ ජනප්‍රිය ගී පදවැල්වලින් දිවි සරිකර ගන්නා ප්‍රවීන මෙන්ම ආධුනික කලාකරුවෝ අපමණ වෙති. ඔහුගේ දායකත්වය ඇතිව නිමැවුණු ගීතවලින් දහස්‌ ගණන් උපයන ගුවන්විදුලි, රූපවාහිනී නාලිකා අපමණය. ඔහු පබැ» ගීයත් ප්‍රචාරය වෙද්දී හෝ ඔහු අද සිටි තත්ත්වය පිළිබඳ රසිකයන් දැනුවත් කිරීමට එබඳු නාලිකාවලට ඉඩක්‌ වෙන් කළ නොහැකිද?

සිනේස්‌ටාර්, සිනේඔස්‌කාර් බඳු කලාකරුවන්ගේ එකමුතුවලට මෙබඳු කලාකරුවකු වෙනුවෙන් යම් මෙහෙවරක්‌ කළ නොහැකිද?

'දිවයින සිනමා කලා' මේ සටහන එබඳු පාර්ශ්වයන්ගේ අවදානය පිණිසය!


2 comments:

  1. මේ වගේ අගනා කලා නිර්මාණයන් ලොවට දායාද කරපු මිනිස්සු දකින්නත් අපි පිං කරල තියෙන්න ඕනෙ.ඒ වගේම තමයි මේ උත්තමයින් ලොවට දායාද කරපු ගීත ගායනා කරමින් අද වන විට හැම තැනම කෝටී ප්ප්‍රෙකා්ටී ගණනින් මිනිස්සු සල්ලී හොයනවා වගේම ජනප්‍රිය තලයේ හිනි පෙත්තෙ ඉන්නෙ.රූපවාහිනි වැඩසටහන් කියමින් එක එක වැඩ සටහන්වලට ගෙනවමින් උන්ගේ ප්‍රසිද්ධියද වැඩිකරත් උන්ට ඒක ලගා කරදුන් මේ වගේ මිනිස්සු අප්‍රසිද්ධියේ මියෑදෙනවා.හරිම ශෝකජනකයි.මොවුන් රටට දායාදයක් වගේම මොවුන් රැකගැනීම අපේ පරම යුතුකම විය යුතුයි. තෑන්ක්ස් කදු

    ReplyDelete
  2. මම හිතන්නේ මෙවැනි කලාකරුවන් හැමෝගේම ඉරණම එකම වගේ .....අන්තිම කලේ හිත් වේදනාවෙන්ම මියයනවා .....මේකත් බලන්න (http://www.silumina.lk/2013/11/03/_art.asp?fn=av13110318)


    ReplyDelete