Thursday, February 27, 2014

අනේ පකිස් බූරුවනි, තොපි වැනි උන් සිටිනා කල මේ රට ම අමන හිනාවක්



මම 5.28 ශීඝ්‍රගාමී කෝච්චියට 5.31ට  දුවමින් සිටියෙමි. ඇමති දියණියකගේ මැතිවරණ ප්‍රචාරණ කාඩ්පත් බෙදමින් මා දුවයන මඟ සිටි තරුණ කොලු පිරිසෙන් එකෙක් මා වෙත කාඩ්පතක් දිගු කළේය. මම පුරුද්දට 'එපා' යි අඟවමින් අතක් පියවීමි. "ඇයි එපාද?" කියමින් ඔවුහු මා වෙත උස් හඬින් හිනාවූහ. මම නැවත නොහැරී ඉදිරියටම ගියෙමි. අනේ පකිස් බූරුවනි, අපට හිනා වී උන්ට හුරේ දමන තොපි වැනි උන් සිටිනා කල මේ රට ම ඔය වැනි අමන හිනාවක් නොවේද?

6 comments:

  1. ඔය එකාලට තමන් බේරිලා ඔය වගේ වැඩක් කරලා දුන්නට නම් කමක් නෑ.මොකද ඔය බැලුම් උඩ ගියොත් ඔලුවට කඩා වැටෙන්නේ පහුගිය එව්වා මතක් කර කර.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  2. මෙයාලා තමන්ගේ හඬ යැයි යමෙකුට හැඟෙන්නේ නම්, හේ ඇය ඇඳ සිටිනා සාරියෙහි මිල තමන්ගේ පඩියට ආසන්න බව තේරුම් ගැනීමට ද අපොහොසත් එකෙකු විය යුතු ය. //

    මේ ගොන් හැත්ත හින්ද තමා රටේම මිනිස්සුන්ට ප්‍රශ්න.මුන් මිනිසත්කමටත් නිගා දෙන සත්තු වගෙ පිරිසක්.මුන් ඕව කරන්නෙ රුපියල් සීයක වගෙ මුදලක කුඩු පැකට් එකකට වෙන්න ඇති.මම දන්නෙ නෑ ඕවගෙ ගාන.මේ මැතිවරන ක්‍රමය තුල රැකියා හැම දෙයක්ම විකුනන්න පුළුවන්.මේ කොට්ටාස නියෝජන ක්‍රමය වැරදියි.වෘත්තිමය නියෝජන ක්‍රමයක් වගෙ දෙයක් මීට වඩා හොඳයි.

    ReplyDelete
  3. මටත් දෙන්න එකෙක් නැ

    ReplyDelete
  4. අපූරු සටහනක්.
    ඡන්දදායකයන්ගේ විශ්වාසය ගරුත්වය වෙනුවට මේ මැටි මෝල් මහන්සේලා හදන්නේ බලය පෙන්වලා ඡන්ද ලබා ගන්න. යම් අවස්ථාවල නොකර බැරිවෙනවා ඔබේ කතාවෙදි වගේ. ඒ වගේ වෙලාවට අපිටම අපි ගැන ලැජ්ජ හිතෙනවා හැර වෙන මොනවා හිතෙන්නද නේද?
    ඔබ නම් ලංකාවේ ඉන්නවා කියමු. මම ලංකාවේ ජීවත් වෙලා නෑ අවුරුදු විසිපහක ඉඳලා. ඡන්ද ලිස්ට් එකක්වත් මට නෑ. තිබිලත් නෑ. කොටින්ම මම කාටවත් ඡන්දේ දෙන්න අදහසක්වත් නෑ ලංකාවේ. ඒත් මා දන්න දේශපාලන හිතවත්තු ඉන්නවා. (අපි සාමාන්‍ය ලෝකේ ජීවත්වෙන හින්දා) ගිය සතියට විතරක් තුන් හතර දෙනෙක්ගෙන් දුරකථන ඇමතුම් ආවා රට වෙනුවෙන් උදව් කරන්න කියලා. මට දැනුන දේවල් මොකට කියනවද? ඒ මදිවට මම නිදියන් ඉන්න මහ පාන්දර. මගේ හිතින් උන්ට බෝම්බත් ගැහුවා මම වෙන මොනවා කරනන්ද?

    ReplyDelete
  5. හා හා බනින්න එපා! . රටේ අනාගතේ තියෙන්නේ මේ පකිස් බුරුවන්ගේ අතේ

    ReplyDelete
  6. මට ඡන්දෙ දෙන්න බැරි නිසා හොඳයි

    ReplyDelete